පරිගණක ජාල

පරිගණක ජාල



අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ.

  1. පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
  2. ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
  3. මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
මීට අමතර වාසි රැසක් අපට අන්තර්ජාලය භාවිතයේදී ලබා ගත හැකි අතර ඒවා මෙම පාඩමේ පසුවට සාකච්ඡා කෙරෙනු ඇත.


  • Network Types
පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,

  1. PAN - Personal Area Networks
  2. LAN - Local Area Networks
  3. MAN - Metropolitan Area Networks
  4. WAN - Wide Area Networks
  5. VPN - Virtual Private Networks


  • PAN

  • LAN
  • LAN එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.



    • WAN
    WAN එකක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැක. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂන මාධ්‍ය මේ සඳහා යොදා ගනී. අන්තර්ජාලය යනු මේ සඳහා හොඳම උදාහරනයයි.

    • MAN
    විශාල නගරයක් හෝ ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල  වලට අයත් වේ. අන්තර්ජාල සේවා සපයන්නන් මේ සඳහා උදාහරණ වේ.


    • Network Types
    පරිගණක ජාලයකට සම්බන්ධ කර ඇති පරිගණක හෝ වෙනත් උපකරණ හඳුන්වන්නේ Node යන නාමයෙනි. මෙලෙස Node පරිගණක ජාලයට සම්බන්ධ කරන රටාව අනුව පරිගණක ජාල සැලසුම් රටා කිහිපයක් පවතී.

    1. Bus Topology
    2. Star Topology
    3. Tree Topology
    4. Ring Topology



Bus Topology
සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්‍රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.
                                                                                         

Star Topology

Star topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.
  • Tree Topology
ඉහතදී අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.
  • Ring Topology

සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.


පරිගණක ජාලයක මූලික කොටස්(Basic Components of Computer Network)

  • PC/Servers/Workstation
  • NIC(Network Interface Card)
  • HUB
  • SWITCH
  • ROUTER
මෙම කොටස් ගැන සවිස්තරව සලකා බලමු.

PC/Server/Workstation
මෙමගින් අදහස් වන්නේ මූලික වශයෙන්ම අප භාවිතා කරන පරිගණකයි.එහෙත් මේවායේ වෙනස්කම වන්නේ ඒවායේ දත්ත සැකසුම් වේගය(Data Processing Speed) හා භාවිතා කරන තාක්ෂණයයි.

            PC-Personal Computer
            පුද්ගල පරිගණක එනම් අප සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණක මෙයට අදාළ වේ.

            Server
පරිගණක ජාලයකට සම්බන්ද කර ඇති පුද්ගල පරිගණකයකට වඩා බොහෝ බලසම්පන්න  පරිගණක මේ නමින් හැදින්වේ.බොහෝ දෙනෙක් අතර එකම පරිගණක වැඩසටහන් හා අදාල තොරතුරු,සේවා පරිගණක ජාලය ඔස්සේ අනෙක් පරිගණක වලට ලබාදීමට හෙවත් ප්‍රදානය(Serve)කිරීමට Server පරිගණක යොදා ගනී.පුද්ගල පරිගණක වලට වඩා මිලෙන් අධිකය.

            Workstation
            පරිගණක ජාලයකට සම්බන්ද කොට හෝ නොකොට ඇති එහෙත් පුද්ගල පරිගණකයකට වඩා  ඉතා
            බලසම්පන්න පරිගණක මේ නමින් හැදින්වේ.මේවා භාවිතා කරනු ලබන්නේ තාක්ෂණික,

            පර්යේෂණ හා විද්‍යාත්මක කටයුතු සදහාය.මිල ඉතා අධිකය.        

            

NIC-Network Interface Card

1

2
ඉහත 1 රූපයෙන් පරිගණකයට වෙනම සම්බන්ද කල හැකි නෙට්වර්ක් කාර්ඩ් එකක් එහෙම නැතිනම් NICඑකක් දක්වා ඇති අතර රූපයෙන් දැක්වෙන්නේ මවුපුවරුව(Motherboard) මතම On Board ආකාරයට සිටින සේ නිෂ්පාදනය කරන ලද NIC එකකි.

පරිගණක ජාලකරණය සඳහා විවිධ වර්ගයේ මාධ්‍යයන් යොදාගැනේ.මෙහිදී දක්වා ඇත්තේ ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන CAT6 වර්ගයේ ‍රැහැන්(Cables) යොදාගෙන ගොඩනගන්නාවූ පරිගණක ජාල සඳහා භාවිතා කරනු ලබන NIC එකකි.

HUB

HUB එකක් යනු පරිගණක ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදාගන්නා උපකරණයකි.HUB එකක් වැනි මද්‍යස්ථ උපකරණයක් යොදා තනන ලද ජාලයක් Star Topology ආකාරයට පවතින ජාලයක් බව ඔබට වැටහෙන්නට ඇති බව විශ්වාස කරමි.




මූලික වශයෙන් HUB වර්ග 2 ක් ඇත.ඒවා නම්
  • Passive HUB
  • Active HUB

Passive HUB වලදී සිදුකරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි.මෙයට අතිරේකව බලය ලබාදීමට අවශ්‍ය නැත.දත්ත ගලා යාම පාලනයකින් තොරය.එක පරිගණකයකින් නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගණකයකටම යොමු කරනු ලබයි.

Active HUB වල දීද ඉහත කරුණු කාරනා එසේම පැවතියද,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම Active HUB පරිගණක ජාලය තුල දත්ත සංඥා වර්ධනය කරන නිසා Active HUB එකකින් තවත් Active HUB එකකට සම්බන්ද කල හැකිවීම මගින් ජාලය පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානම වෙනස් කම වේ.Passive HUB වලදී ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා වල ප්‍රභල තාව අඩු වීමයි.

වර්තමානයේ පරිගණක ජාලකරණය සඳහා HUB භාවිතයට ගනු නොලැබේ.

SWITCH
Switch එකක් යනු HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි.ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතුවේ.Switch එකකට බලය ලබාදුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණකවල MAC Addressලබාගනී.MAC Address එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි.මෙසේ Switch එක එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගණකයකින් නිකුත් කරන ලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.HUB එකක් මෙන් මෙහිදී අදාළ තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.
වර්තමානයේ සියලුම පරිගණක ජාල සැකසීමේදී බහුලව යොදාගනු ලබන්නේ Switch වේ.


ROUTER
එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා Router යොදාගනී.උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන ‍රැහැන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහි‍ටුවා ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය.එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා Router වර්ග මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත.



මීට අමතරව පරිගණකයකට අන්තර්ජාල සබදතාවය ලබා ගැනීමට Modem එකක්ද භාවිතා කරයි.

MODEM(Modulator & Demodulator)
බොහෝ විට අප අන්තර්ජාල සේවා ලබා ගන්නේ සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් හරහාය.දුරකථන මාර්ගවල සංඥා ගමන් කරනුයේ Analog Signal ලෙසය.නමුත් පරිගණකයේ භාවිතා වන්නේ Digital Signal .මෙසේ පරිගණකයක් දුරකථන මාර්ගයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නම් Digital Signal-Analog Signal බවටත්,Analog Signal-Digital Signalබවටත් පරිවර්තනය කරගත යුතු වේ.මෙලෙස සංඥා පරිවර්තනය සඳහා යොදාගනු ලබන්නේ Modem ය වේ.මේවා පරිගණකයට භාහිරව හා මවුපුවරුව(Motherboard) මතට සම්බන්ධ කිරීමට හැකිවන අයුරු ලෙස ආකාර දෙකකින් පවතී.


පරිගණක අතර සන්නිවේදන මාධ්‍යයන්(The Communication Media)
පරිගණක ජාලයක කුමන උපකරණ තිබුනත් ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට මාධ්‍යයක් නොමැති නම් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැත.

පරිගණක ජාලයක පරිගණක හා අනෙකුත් අවශ්‍ය උපකරණ සම්බන්ධ කිරීමට පහත සඳහන් මාධ්‍යයන් එකක් හෝ සියල්ලම හෝ යොදගැනේ.

  • තඹ කම්බි මාධ්‍යය(Copper Wires)
  • ප්‍රකාෂ තන්තු මාධ්‍යය(Fiber Optic Cables)
  • විද්‍යුත් චුම්භක තරංග මාධ්‍යය(Electromagnetic Waves)

තඹ කම්බි මාධ්‍යය(Copper Wires)

පරිගණක ජාල තැනීමේදී ප්‍රකටව භාවිතා කරනු ලබන්නේ මෙම මාධ්‍යයයි.මෙහිදී භාවිතා කරනු ලබන්නේ තඹ කම්බි සහිත සිහින් වයර(Wire) 8 ක් යුගල්(Pairs) 4 ක් ලෙස ඇතුලත් කර තනන ලද ‍රැහැන(Wire)කි.එනිසා මෙම වයර වලට Twisted Pair Cables ලෙස ව්‍යවහාර කෙරේ.මෙම ‍රැහැන් වල ඇති විශේෂතා අනුව කොටස් කිහිපයකට බෙදේ.


මෙම වර්ගීකරණයේ ප්‍රථම වර්ගීකරණය එහි දක්නට ලැබෙන වෙනස්කම් හා යොදාගනු ලබන පරිසරය අනුවය.
  • Shielded Twisted Pair(STP)
  • Unshielded Twisted Pair(UTP)

Shielded Twisted Pair(STP)

මෙම වර්ගයේ කේබල් යොදාගනු ලබන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට එළියෙන් සවිකරනු ලබන්නේ නම් හෝ විද්‍යුත් චුම්භක තරංග නිසා ඇතිවන අවහිරතා එනම් Electro Magnetic Interference(EMI) සහිත පරිසර වලදී එම බාධාවන් මගහැර නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට වේ.
මෙවැනි කේබලයක ඇතුලතින් අනුකේබල් යුගලයන් සිහින් ඇලුමිනියම් ස්ථර(Polyester Aluminum Foil) වලින් ආවරණය කර ඇත.මෙම ස්ථර එක් පසෙකදී හෝ කුමන ආකාරයකින් හෝ භූගත(earth)කලයුතු වේ.මෙමගින් දත්ත සන්නිවේදනයේදී විද්‍යුත් චුම්භක තරංග නිසා ඇතිවෙන බාධාවන් අවම අගයකට පත්වේ.



Unshielded Twisted Pair(UTP)



 මෙහි ඇති කේබලයේ හා ඉහතින් සඳහන් කේබලයේ ඇති එකම වෙනස නම් අලුමිනියම් ආවරණ නොමැති වීමයි.මේවා යොදාගන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට ඇතුලතින් සවිකිරීමට පමණි.Shielded Twisted Pair වලට වඩා මිලෙන් අඩුය.Electromagnetic Interference සඳහා ප්‍රතිරෝදීතාවයක් නොදක්වයි.බොහොමයක් Local Area Network සඳහා යොදාගනු ලබන්නේ මෙම කේබල් වර්ග දෙකයි.


මෙම කේබල් පරිගණකයකට හෝ Switch එකකට සම්බන්ධ කිරීමේදී දෙකෙලවරට සම්බන්ධ කිරීමට RJ45 සම්බන්ධක(Connectors) භාවිතා කරයි.


මෙම කේබල සම්බන්ධ කිරීමේ ආකාර අනුව කේබල් වර්ග දෙකකි.
  • Patch Cable
  • Cross Over Cable


එම කේබල තනා ගැනීමේදී ඇතුලත ඇති වයර යුගලයන් RJ45 සම්බන්ධක හා සවිවිය යුතු ආකාරය පහත දක්වා ඇත.






Coaxial Cable



මධ්‍යයයේ තඹ හෝ ඇලුමිනියම් කම්බියක් හා එය වටා පරිවාරක ස්ථර කිහිපයකින් වටවී සෑදී ඇත.මෙය හරහා සංඥා ගමන් කරනුයේ මධ්‍යයයේ ඇති කම්බිය තුලිනි.සාමාන්‍යයෙන් රූපවාහිනී සඳහා භාවිතා කරන කේබලයද මෙයම වේ.මේවා වර්තමානයේදී භාවිතා කරනු නොලැබේ.මෙයපැරණි තාක්ෂණයකි.


ප්‍රකාෂ තන්තු මාධ්‍යය(Fiber Optic Cables)

Fiber Optic Cables හරහා දත්ත හුවමාරු කරනු ලබන්නේ ආලෝක කදම්භයක්(Light Beam) උපයෝගී කරගෙන බව ඔබ දන්නවා ඇත.මෙම තාක්ෂණය භාවිතාකිරීමේදී ලැබෙන වාසි බොහොමයකි.
  • අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවන අවහිරතා අඩු වීම.
  • හොද දත්ත වේගයක් පවත්වා ගතහැකි වීම.
  • දත්ත හුවමාරු කරනු ලබන්නේ ආලෝක කදම්භයක් මගින් වන නිසා අකුණු සහ වෙනත් විදුලි කාන්දු නිසා ඇතිවන හානි අවම වීම.

මෙහි ඇති අවාසි නම්,
  • කේබල වල මිල අධික වීම.
  • ඉක්මනින් කැඩීයාමට ලක්වීම.
  • ඒ හා සම්බන්ධ උපාංග වල මිල අධික වීම.
වර්තමානයේ Fiber Optic Cables හා ඒ හා සම්බන්ධ උපාංග බහුල වශයෙන් ප්‍රයෝජනයට ගනී.
මෙම කේබල භාවිතා කරනු ලබන ඒ ඒ පරිසරයට ඔරොත්තු දෙන පරිදි නිපදවනු ලබයි.මේවා ආවරණ කිහිපයකින් යුතු හා ඇතුලත සිහින් වානේ කම්බි ස්ථරයක් යොදා තනන ලදArmed Cables යොදා ගනී.මෙම වර්ගයේ කේබලයක දත්ත හුවමාරු කිරීමට යොදාගන්නා සිහින් තන්තු වලට අමතරව වැඩිපුර ප්‍රමාණයක් ඇත්තේ ආවරණ බව ඔබට පෙනී යනවා ඇත.මේවාට මෙපමණ ආරක්ෂාවක් යොදනු ලබන්නේ ඉක්මනින් කැඩී බිඳ යාමට හැකි නොවන පරිදි තබා ගැනීමටය.



ලෝකයේ මහාද්වීප හා මුහුද හරහා වැටී ඇති Fiber Optic Cables ජාලයක් ඇති බව ඔබ සමහරවිට දන්නවා ඇත.

Comments

Popular posts from this blog