පරිගණක දෘඩාංග
පරිගණකයක් සෑදී
ඇත්තේ විවිධාකාර වූ දෘඩාංග කොටස් එකතු වීමෙනි. පරිගණකයේ මෙම
දෘඩාංග කොටස් හා මෘදුකාංග කොටස් එකතු වීමෙන් පරිගණකය සාමාන්‍ය වැඩ කටයුතු කරගත
හැකිවන පරිදි සකස් වී ඇත.
Basic Hardware Components
පරිගණකයක වැඩ කටයුතු සිදුකරගෙන යාමට අත්‍යාවශ්‍ය පරිගණක දෘඩාංග කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.
Basic Hardware Components
පරිගණකයක වැඩ කටයුතු සිදුකරගෙන යාමට අත්‍යාවශ්‍ය පරිගණක දෘඩාංග කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.
- මව් පුවරුව (Mother
Board)
මව් පුවරුව )Mother board) යනු පරිගණකයක විවිධ අංග එකලස් කිරීම සඳහා යොදා ගනු ලබන පරිපථ පුවරුවකි. පරිගණකයෙන් සිදුවන input, output හා storage වැනි ප්‍රධාන කාර්‍ය්යන් ඉටු කරගැනීම සඳහා අවශ්‍යවන
විවිධ උපාංග සවී කිරීම සඳහා ඒවාට විශේෂයෙන් වෙන් වූ ස්ථන මවී පුවරුව මත පිහිටා
ඇත පරිගණකය upgrade කර ගැනීමට අවශ්‍ය විට ඒ සඳහා විවිධ උපාංග අලුතින් සවි
කිරීමට අවශ්‍ය පහසුකම් ද මව් පුවරුව මත සපයා ඇත.
- ප්‍රොසෙසරය (Processor)
පරිගණකයක් යනු දෙන
ලද යම්කිසි උපදෙස් පද්ධතියකට අනුව දත්ත මතකයේ තබා ගත හැකි,නැවත මතකයෙන් ලබා ගත හැකි හා යම් ක්‍රියා පිළිවෙලකට එම දත්ත සැකසිය හැකි
මිනිසා විසින් සාදන ලද නිශ්චිත වැඩසටහනකට අනුව ක්‍රියාත්මක කළ හැකි ඉලෙක්ට්‍රොනික
යන්ත්‍රයකි.අනෙකුත් විද්‍යුත් උපකරණ සමග ඔබගේ පරිගණකය සංසන්දනය කර
බැලු විට එය තවත් එක් විද්‍යුත් උපකරණයක් පමණක් නොවන බව ඔබට වැටහෙනු ඇත.මීට ප්‍රධානතම හේතුව වන්නේ පරිගණකයට යම් සිතීමේ
හැකියාවක් තිබීමයි.මෙකී හැකියාව පිටුපස සිටින මහා මොළකාරයා වන්නේ පරිගණකයේ
මවු පුවරැවේ ස්ථාන ගත වී සිටින ප්‍රොසෙසරය යි. ප්‍රොසෙසරයක් යනු
තාර්කික හැකියාවන්,මතක තබා ගැනීමේ හැකියාවන් හා ගණිතමය හැකියාවන් සහිත
පරිපථ රාශියක් එකට කැටි කොට සාදන ලද චිපයක් ලෙස සරලව හැදින්විය හැක.
මෙම ප්‍රොසෙසරය, මයික්‍රොප්‍රොසෙසරය හා (Central Processing Unit) මධ්‍ය සැපයුම් ඒකකය යන නම් වලින්ද හදුන්වනු ලැබේ.උපදේශන (Instructions) මෙහෙයයවිය හැකි වේගය අනුව ප්‍රොසෙසර වර්ග කෙරේ. ප්‍රොසෙසර වල වේගය(speed) මෙගාහර්ට්ස්(MHz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය(clock speed) ලෙසද හදුන්වයි.එම වේගයේ අගයෙන් කියවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය(run) කිරිමට හැකි වේගයයි.ප්‍රොසෙසරයක ධාරිතාව(capacity)පද විශාලත්වය (word size) යනුවෙන්ද හදුන්වයි .පදයක් යනු එක් වරකදී ප්‍රොසෙසරයෙහි ගබඩා කොට ගෙන මෙහෙවිය හැකි උපරිම බිට්ස් (bits)ගණනයි.

- ප්‍රධාන මතකය (Main
Memory)
බොහෝ විට RAM ලෙස ව්‍යවහාර වන මෙම Memory විශේෂය මව් පුවරුවට (Mother Board) වෙනම සම්බන්ධ කල යුතුය.එහිදී RAM Cards එකක් හෝ කිහිපයක් (Mother Board එකේ RAM Slots
ගනන අනුව) සම්බන්ධ කල හැක. පරිගණකයේ ධාවනය වන
සියළු මෘදුකාංග ධාවනය වන්නේ මෙම රැම් මතකයේ සිටවේ. එබැවින් පරිගණකයේ
ක්‍රියාකාරිත්වය සඳහා මෙය අත්‍යාවශ්‍යම වේ. පරිගණකය ක්‍රියා
විරහිත කල විට රැම් මතකයේ ඇති සියළු තොරතුරු මැකී යයි.පසුගිය දශකයක පමණ
කාලය තුල විවිධ RAM වර්ග භාවිතාවට ගැනිනි.ඒ අතර SDRAM(Synchronized Dynamic RAM), RDRAM(Ram bus
DRAM), DDR RAM(Double Data Rate RAM), වැදගත් වේ. වර්තමානයේ බොහෝ නූතන පරිගණක වල භාවිතා වන්නේ DDR II RAM විශේෂයයි. මේවා 128MB, 256MB ,512MB, 1GB, 2GB ආදී ධාරිතා වලින්ද 333MHz,533MHz,667MHz ආදී දත්ත සම්ප්‍රේශන වේගයන්ගෙන්ද )Bus Speed) විවිධ වෙළඳ නාමයන් යටතේද ලබා ගත හැක.
- විදුලි සැපයුම්
මෙම Power
Supply Unit කොටස පරිගණකයේ සිස්ටම් යුනිට් (System Unit) එක සමග සම්බන්ධව ඇත.මෙමගින් පරිගණකයට අවශ්‍ය විදුලිය ලබා දේ.අනෙකුත් අතින් මෙම කොටස පරිගණකයට අත්‍යාවශ්‍යම කොටසකි.මක් නිසාද යත් විදුලිය නැති නම් පරිගණකයේ ක්‍රියාකාරිත්වයක් නොමැති නිසාය. මෙමගින් ප්‍රධාන විදුලි සැපයුමෙන් හෝ යු.පී.එස්.
)UPS) එකකින් ලබා දෙන විදුලිය AC (Alternating current 110v or 220v) DC (Direct Current) බවට පරිවර්තනය කරයි.
පරිගණක විදුලි සැපයුම් ඒකක මාර්ග ප්‍රධාන වශයෙන් 3 ක් පවතී.
1. AT power supply
2. ATX power supply
3. ATX-2 power supply
මෙම Power Supply Unit එකෙහි එයට සම්බන්ධව ඇති “සම්බන්ධක” (connectors) වර්ග කිහිපයක් ඇත.එම සම්බන්ධක භාවිතා කරනුයේ මවු පුවරැවට දෘඩ තැටියට,වැනි උපකරණ වලට විදුලිය ලබා දීමටයි.

- ආදාන උපකරණ (Input
Devices)
Input devices පරිගණකයට දත්ත ඇතුල් කීරීමට භාවිතා කරයි. පරිගණකයක භාවිතා කරන ප්‍රධාන Input devices වර්ග කිහිපයක් පහත දැක්වේ.
- Keyboard
- Mouse
- Scanner
- Microphone
- Barcode
Reader
- ප්‍රතිදාන උපකරණ (Output
Devices)
Output Devices පරිගණකයෙන් සකසනු ලබන තොරතුරු පරිගණකයෙන් ඉවතට ගැනීමට යොදාගනු ලැබේ. පරිගණකයේ භාවිතා කරන ප්‍රධාන Output Devices වර්ග කීපයක් පහත දැක්වේ.
- Monitor
- Printer
- Speaker
- Plotter
- Storage
Devices
පරිගණකයෙන් සකසනු ලබන තොරතුරු තාවකලිකව ප්‍රධාන මතකයේ ගබඩා කරනු ලබේ. නමුත් විදුලිය විසන්දි වීමකදී එම තොරතුරු මැකී යන බැවින් එම තොරතුරු ස්ථිරව ගබඩා කිරීමට Storage Devices භාවිතා කරනු ලැබේ. භාවිතා කරන තාක්ෂණය අනුව කොටස් 2කට බෙදනු ලබේ.
- Magnetic
Storage Devices
- Optical
Storage Devices
- Magnetic
Storage Devices
චුම්බක වත්කම් සහිත ලෝහ තැටි කීපයක් මත එහි මතුපිට චුම්බකත්වය වෙනස් කිරීම මගින් දත්ත ගබඩා කීරිම කරනු ලැබේ. මේවාට උදාහරණ ලෙස පරිගණකයේ දෘඩ තැටිය(Hard Disk), පැරණි Floppy Disk හා Zip Disk වැනි උපකරණ ගත හැක.
- Optical
Storage Devices
දත්ත ලිවීම සඳහා විශේෂිත Laser කිරණයක් යොදාගෙන විශේෂයෙන් සකසන ලද Plastic තැටියක් මත පිළිස්සුම් (Burn) කිරිම මගින් දත්ත ගබඩා කරනු ලැබේ. භාවිතා කරන Laser කිරණයේ ශක්තිය හා නභිගත කිරිමේ වෙනස්කම් මත CD, DVD BluRay Disk ලෙස වර්ග කීපයකට බෙදනු ලැබේ.
Comments
Post a Comment