Posts

පරිගණක ජාල

Image
පරිගණක ජාල අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ . සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න . ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත . මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක . මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ . පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම . ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම . මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම . මීට අමතර වාසි රැසක් අපට අන්තර්ජාලය භාවිතයේදී ලබා ගත හැකි අතර ඒවා මෙම පාඩමේ පසුවට සාකච්ඡා කෙරෙනු ඇත . Networ...